ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ජපානයේ පවතින ශිෂ්ය වීසා ගැන. ඒ වගේම ජපානයට ශිෂ්ය වීසා අයදුම් කිරීමට තිබිය යුතු මූලිකම සුදුසුකම් ගැන ද කතාබහ කරමු.ශිෂ්ය වීසා එකක් ලබාදීමේ ප්රධානතම අරමුණ වන්නේ ජපානයට ගොස් අධ්යාපනය ලැබීමයි.
මේ ශිෂ්ය වීසා සඳහා ඇතුළත් වීමට ජපානය විසින් අවම සුදුසුකම් මට්ටමක් ප්රකාශ කර තිබෙනවා. උදාහරණයක් විදිහට ඇතුලත්වීමට බලාපොරොත්තු වෙන කෙනා මූලිකවම වසර 12ක අධ්යාපනයක් හදාරා තිබිය යුතුයි.
ශ්රී ලංකාවේදී නම් උසස් පෙළ දක්වා අධ්යාපනය හදාරා තිබිය යුතුයි. ඒ වගේම වයස පරතරය වයස අවුරුදු දහ අටත් විසි නවයත් අතර විය යුතුයි.අවුරුදු 32 දක්වා අයදුම් කිරිමේ හැකියාව පවතියි.
තවද විවිධ ජපන් භාෂා ප්රවීණතා විභාග වලින් සමත් වීමත් සුදුසුකමක් විදියට සලකන්න පුළුවන්.උදාහරණයක් විදිහට JLPT/NAT/TOP J යන විභාග හඳුන්වා දෙන්න පුළුවන්. හොදයි අපි දැන් බලමු කාටද ජපානෙ ශිෂ්ය වීසා සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා ඔයා ශ්රී ලංකාවේදී අවුරුදු 12ක අධ්යාපනය ඉවර කරපු ගමන් හෝ උසස් පෙළින් පසු ඔයාට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්.
ඒ වගේම වර්තමානයේ තිබෙන තරගකාරීත්වය නිසා ඉහත සඳහන් කරපු JLPT/NAT/TOP J යන ප්රවීණතා විභාග වලින් සමත් වීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම ඔයා උපාධිධාරියෙකු ට වුණත් ජපානයේ ශිෂ්ය වීසා සඳහා අයදුම් කරන්න පුලුවන්.
හොඳයි අපි දැන් බලමු අවුරුද්දකට කොපමණ වතාවක් ජපානයේ ශිෂ්ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාව තියෙනවාද කියලා.විදේශීය ශිෂ්යයන්ට ජපානයේ අවුරුද්දකට හතර වතාවක් ශිෂ්ය වීසා සදහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා.
ඒ කාල වකවානු ජනවාරි /අප්රේල්/ජුලි/ඔක්තෝම්බර් යන කාල වකවානු වෙනවා. මේ කාල වකවානු අනුව අයදුම් කිරීමේ දී ජනවාරි අයඳූම් කරනවනම් අවුරුද්දයි මාස තුනක කාලයක්, ඒ වගේම අප්රේල් අවුරුදු 2 කක්.
ජුලි අවුරුද්දයි මාස නමයක් ද, ඔක්තෝම්බර් අවුරුද්දයි මාස හයක ද කාලවකවානුවක් හිමි වෙනවා. හොඳයි අපේ කතා කළේ අවුරුද්දක් තුළ ජපානයේ ශිෂ්ය වීසා සඳහා අයඳූම් කිරිමට තිබෙන කාල වකවානු ගැන.
හොදයි අපි දැන් බලමු ජපානේට ශිෂ්ය වීසා අයදුම් කරන පිළිවෙල මොකද්ද කියලා.මුලින්ම ජපන් භාෂා පාසලක් තෝරා ගන්න ඕනේ. මේ සඳහා ඔයාගේ ජපානයේ සිටින යාලුවෙක්ගෙන් හෝ හිතවත් කෙනෙක්ගෙන් හෝ B & E වගේ ආයතනයකින් උදව් උපකාරයක් ගන්න පුළුවන්.
ඊළඟට ජපන් භාෂා පාසලෙන් ලංකාවට පැමිණ හෝ නැත්නම් Online මගින් සම්මුඛ පරික්ෂණයක් පවත්වනවා. සම්මුඛ පරික්ෂණය සමත් වු පසු පාසලට ඇතුළත් වීම සඳහා වූ අයදුම්පත්රරයක් පුරවන්න ඕනා.
ඒ වගේම වීසා අයදුම් පත්රය ද පුරවන්න ඕනා. හැබැයි මේ සියලුම දේවල් අයදුම්පත්ර කාලසීමාව අවසන් වීමට පෙර පාසලට ලබා දෙන්න ඕන.
ඊට පස්සේ ඔයා දීපු අයදුම්පත්රය වැරදි අඩුපාඩු හදලා පාසල තමයි ඔයාගේ වීසා අයදුම්පත ජපානය පවතින ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ. සමාන්යයෙන් ඔයාගේ අයදුම්පත පිළිබඳ නිශ්චිත තොරතුරු තහවුරු කර ගැනිමට මාස දෙකක තුනක කාලයක් ජපානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නවා.ඉන්පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඔබේ වීසා අයදුම් පත ට අනුමැතිය හිමි වූ පසු ඔබ අයදුම් කළ පාසලෙන් ඔබට සුදුසුකම් සහතිකය එවනවා.
ඊට පස්සේ ඔයා ඒ සහතිකයයි ඔයාගේ පාස්පෝට් එක අරගෙන ශ්රී ලංකාවේ තියන ජපන් තානාපති කාර්යාලය ට යන්න ඕනේ.දැන් නම් VFS කාර්යාලයට යන්න ඕනා.VFS කාර්යාලය මගින් අපගේ සුදුසුකම් සහතිකය සහ පාස්පෝට් එක තානාපති කාර්යාලයට යොමු කරනවා.
ඊට පස්සේ තානාපති කාර්යාලය විසින් ඔයාට ශිෂ්ය වීසා නිකුත් කරනු ලබනවා. කොහොම වුණත් මේ පිළිබඳ හරිම විස්තර දැනගන්න ඕන නිසා අපි B & E ආයතනයට ගිහින් වුවමනා සහතික පිළිබඳ ආසා දැන ගැනීමේ හැකියාව තියනවා.
ජපානයේ ශිෂ්ය වීසා සඳහා යන අයෙකුට අවශ්ය වෙන සියලුම සහතික පහලින් ඇත(දල වශයෙන්)උවමනා වෙන සහතික කොටස් දෙකකට ප්රධාන වශයෙන් බෙදෙනවා. පළමු එක ශිෂ්ය වීසා සඳහා අයදුම් කරන්නන්ගේ තිබෙන සහතික.
දෙවෙනි එක තමයි මුදල් අනුග්රාහකයාගේ සහතික අපි මුලින්ම කතා කරමු ශිෂ්යයා සතුව තිබෙන්න ඕනා සහතික මොනාද කියලා… අංක එක තමයි වලංගු විදේශ ගමන් බලපත්රයේ වර්ණ ඡායා පිටපතක්. මේවා සත්ය පිටපත් බවට සහතික වුන ඒවා වෙන්න ඕනි.
ඒ වගේම සෙන්ටිමීටර 4\*3 ප්රමාණයේ ඡායාරූප 12 ක් අවශ්ය වෙනවා. ඉංග්රිසි භාෂාවට සහ ජපන් භාෂාවට පරිවර්තනය කරපු ඔයාගේ උප්පැන්න සහතිකයේ සත්ය පිටපත් අවශ්ය වෙනවා.
ඔයාගේ අධ්යාපන සහතික වල මුල් පිටපත් අවශ්ය වෙනවා(ex ;Original G.C.E. O/L & A/L certficates certified by the foreign ministry)PRS එක එනම් ශිෂ්ය කාර්ය දර්ශකය(අස්වීමේ සහතිකය) ඉංග්රීසි සහ ජපන් පරිවර්ථන සහිතව ඒ වගේම ප්රධානම දෙයක් තමයි ජපානයට යාමේ අරමුණ පැහැදිලි කල ලියව්ල්ල.
තවද ඔයා ගාව තිබෙන ජපන් භාෂා ප්රවීණතා විභාග වල සහතික ද අනිවාර්යෙන්ම ඇතුලත් වෙන්න ඕන. හැබැයි මේ සහතික තමගේ වයස් සීමා සහ සුදුසුකම් මත වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් විදියට ඔයා වසර කිහිපයක රැකියාවක නිරත වෙලා තිබෙනවා නම් අධ්යාපන වීසා සඳහා ඇතුළත් වීමට හේතුව සඳහන් කරන්න ඕනේ.
ඉතින් මේ වගේ වෙලාවකදී ඔයාලට ඒ පිළිබඳව උදව් කරන්න B & E ආයතනය සූදානම් වෙලා ඉන්නවා. හොඳයි අපි ඊලඟට බලමු අනුග්රාහයකයා සතුව තියෙන්න ඕනේ සහතික මොනවාද කියලාමෙහිදී කතා කරන්න ඕන ප්රධානම කාරණයක් තමයි අයදුම් කරන්නා හා අනුග්රාහකයා අතර තියෙන සම්බන්ධය.
උදාහරණයක් විදිහට ඔයාගේ තාත්තා ඔයාට අනුග්රාහය කරනවා නම් තාත්තාගේ උප්පැන්න සහතිකය ඉදිරිපත් කරන්න ඕනා. ඒ වගේම එම සහතිකයේ ඉංග්රීසි භාෂා පරිවර්තනයක් අවශ්ය වෙනවා.
ඒ වගේම (5.0 million හෝ 5.0ට වැඩි බැංකු මුදල් තැන්පතු සහතික්) තවද ආදායම් පෙන්විමේ සහතිකයක් අවශ්යයි. හොදයි අද අපි කතා කලේ ජපානයට ශිෂය වීසා අයදුම් කිරීමට තිබිය යුතු අවම සහතික ගැන.
ඒ ගැන ඔයාට තවත් ප්රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් B & E ආයතනය ට කතා කරලා විස්තර දැනගන්න.ගොඩක් ලමයි අහනවා ජපන් ගිහින් කොච්චර කල් ඉගෙන ගන්න ඕනා ද කියලා. පහලින් සටහන් කරලා තියනවා යන කාලසීමාවන්.
Japanese Language School.
- April \-2years
- January 1.3 years
- October 1.6years
- July 1.9years
ජපන් යන්න අවම සුදුසුකම්
- අවුරුදු 18 සම්පුර්ණ විය යුතුයි.
- පැය 150 භාෂාව ඉගෙන ගැනීම
- 12 වන ශ්රේණිය සමත් වීම
B\&E Consultants අපේ ගෙවීමි
- Sponsor Documents-170,000LKR
- Bank
- Financial Report \+tax
- BR (නැතිනම් පමණයි)
- VISA REGISTRATION FEE \-60,000LKR
\------COE after------
School fee (1year)+ apartment fee (6month)-1,000,000YEN මාස 6 කට school fees ගෙවන්න අවස්ථාව ලැබුණොත් යෙන් ලක්ෂ 3 වගේ අඩු වේ.Consulting fee-275,000LKR.
\---වැදගත් කරුණු 4ක් \---
අධ්යයනය වාර 4ක් තිබේ.
1. සෑම මාස 6 ක් තිබෙන කොට Interview ආරම්භ වේ.
2. සෑම මාස 4කට ආසන්න කාලයේ දී Immigration එකට වීසා submit කරනවා.
3. සෑම මාස දෙකක් තිබෙන කොට Results එනවා.
4. අවසාන මාසයේ දී ජපානය බලා පිටත් වේ.
වැඩි විස්තර සඳහා 0719822000/ 0774335540 වීසා උපදේශක දේශබන්ධු අකලංක සුබසිංහ.





