ආයුබෝවන් .ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ජපානයට එන්න බලන් ඉන්න ඔයාලට ජොබ් වීසා එකකින් හරියටම ජපන් එන විදිහ තමයි අද අපි කියලා දෙන්නේ.හොඳයි, අපි මුලින්ම බලමු මොකක්ද මේ ජොබ් visa කියන්නෙ කියලා.
මේක ප්රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේ තුන තමයි Working Visa ,Traning Visa ,SSWRP එහෙම නැත්තන් specified skilled workers recuirement program කියලා ප්රධාන වශයෙන් හඳුන්වන්නේ.
අපි මුලින්ම බලමු මේ තුනෙන් Vorking visa කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම බැලුවොත් මේකත් ප්රධාන කොටස් හතරකට බෙදෙනවා.
ඒ හතර තමයි ….
1. Engineering/specialist in humanities /international services.
2. Skilled labor.
3. Intrecompany Transfee.
4. Bussiness manager යන කොටස් 4\.
ඉතින් අපි දැන් මේක පලවෙනි කොටස ගැන අවධානය යොමු කරලා බලමු.මෙන්න මේ වර්ගයට අයත් Working Visa එකක් ගන්න නම් විශේෂ සුදුසුකම් කිහිපයක් සපුරන්න වෙනවා. උදාහරණයක් විදිහට ජපානයේ තාක්ෂණික විද්යාලයක හෝ විශ්වවිද්යාලයක යම් අධ්යාපන සුදුසුකමක් සපුරලා තියෙනවා නම් ඉතාමත් පහසුවෙන් මෙයට ඇතුළත් වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයාට වෙනත් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් තිබෙනවා නම් ජපානයේ භාෂා පාසල් අධ්යාපනය අවසන් වෙනවාත් සමගම මේ වීසා එකට ඇතුලත් වීමේ හැකියාවක් තියෙනවා.තවද ලංකාවේ ඉඳලා සෘජුව වීසා එකට මාරුවෙන්නත් පුලුවන්.
හැබැයි මතක තියාගන්න ජපානය කියන්නේ තාක්ෂණික අංශයේ රැකියා වෙළෙඳපොළක් තිබෙන රටක්. තවත් මතක තියාගන්න ඕනෙ කාරණයක් තමයි ජපානයේ ආයතනයකට යනවා නම් ඔයාගේ ජපන් භාෂා දැනුම අවම වශයෙන් N2 මට්ටමට වත් ළඟා වෙන්න ඕනේ බව.හැබැයි මේක වෙනස් වෙන අවස්ථාත් තියනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් ජපන් ආයතනයක් හෝ විදේශික ආයතනයක් ඔයාගේ සුදුසුකම් හා හැකියාව මත ඔයාගේ සේවක අවශ්යතාවය දැඩිව පවතිනවා නම් , ඔයාව ජපානයට ගන්න කැමතිනම් ,ජපන් භාෂා දැනුමකින් තොරව ජපානයේ රැකියාවක් කිරීමට හැකියාවක් ඔයාට තියෙනවා.
හොදයි අපි දැන් බලමු මොකක්ද මේ Skilled Labor කියන්නෙ කියලා. මේකෙන් වෙන්නේ යම් කෙනෙකුගේ හැකියාවන් හා පළපුරුද්ද පදනම් කරගෙන ජපානයේ රැකියාවක් කිරීමට අවස්ථාව සලසන එක.
උදාහරණයක් විදිහට ගමුකෝ ඉන්දියානු කෑම කඩයක්… මේ කඩේ ඉන්දියානු කෑම හදන්න ජපන් කෝකියෙක් ගත්තොත් ඉන්දියානු ගතිය පොඩ්ඩක් අඩු වෙනවනෙ… ඉතිං ඉන්දියාවේ කෑම හදන්න පුළුවන් ඉන්දියාවේ කෝකියන්ට නිසා ඒ හැකියාව තියෙන ඉන්දියානු කෙනෙක් ම ගෙන්න ගන්නවා වගේ වැඩක් තමයි මේක.
ඒ කියන්නේ හැකියාව පදනම් කරගෙන ජපානයේ රැකියාවක් දෙන එකයි මේකෙන් කරන්නේ.මේක ගොඩක් වෙලාවට සලකා බලන්නේ අධ්යාපන සුදුසුකම් වලට වඩා රැකියා පළපුරුද්ද වීම විශේෂත්වයයි. ඊළඟට අපි බලමු Intercompany Transfee කියන්නෙ මොකක්ද කියලා.
මේකෙන් සරලවම වෙන්නේ එකම ආයතනයක අනුශාඛා අතර මාරුවීමක්. උදාහරණයක් විදියට ගත්තොත් ජපානයේ පවතින ආයතනයකට අයත් අනු ශාඛාවක් ශ්රී ලංකාවේ පවතින්නේ නම් එහි වසර කිහිපයක් රැකියාවේ නිරතවෙලා පළපුරුද්ද තියෙනවා නම් ඒ පළපුරුද්ද මත ජපානයේ පවතින ශාඛාවකට මාරු වෙන්න පුළුවන්.
මෙහිදී ආයතනය අනුමැතිය මත රැකියා වීසා එක ලබාගන්න පුළුවන්. ඊළඟ වැදගත් වැදගත්ම කොටස තමයි .Bussiness Manager එහෙම නැත්නම් සමහර අය හඳුන්වන විදිහට Business Visa.
මේකෙන් වෙන්නේ ආයතනයක් විවෘත කරන්න ජපානයට එන එක. ඇත්තටම මේක ජපානයට එන්න හොඳ Visa එකක්.
ඒ වගේම තමයි විදේශිකයෙකුට ජපානයේ විවෘත කිරීමට හැකි ආයතන වර්ග දෙකක් තිබෙනවා. එනම් තනි පුද්ගල ව්යාපාර හා සමාගම්.
මෙවැනි ව්යාපාරයක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක පමණ මුදලක් ඔබ සතුව Show Money එකක් විදිහට පෙන්වීමට තියෙන්න ඕනා. විශේෂම දේ තමයි ලංකාවේ ඉඳන්ම වුණත් ඔයාට ජපානයේ ව්යාපාරයක් විවෘත කිරීමේ හැකියාව තියෙනවා.
දැනට ජපානයේ ඉන්න කෙනෙක් නම් ඒක තවත් ලේසියි.ජපානයේ ව්යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා වෙනම දවසක කතා කරමු. හොඳයි ඊළඟට අපේ මාතෘකාව තමයි Training Visa පහුගිය කාලයේදී ගොඩක් ප්රසිද්ධ වුණු මාතෘකාවක් තමයි මේක.
මේක ලබා දෙන ප්රධාන අරමුණ තමයි ජපානයේ තිබෙන තාක්ෂණික දැනුම ලබා ගන්න එක. ඇත්තටම මේක රැකියා වීසා එකක් නම් නෙමෙයි.
මේ වීසා එක දෙන්නේ අවමය අවුරුදු තුනකටත් උපරිම අවුරුදු පහකටත් යටත්වෙලා. හැබැයි මේ වීසා එක ලබාගත්තොත් නැවත ජපානයට යාමට වීසා ලබා ගැනීමේ හැකියාව ඉතා අවම ව තමා පවතින්නේ.දැන් නම් SSWRP එකට යන්න උත්සාහ කරන්න හැකියාව තියනවා.නියමිත අවුරුදු ගණන සම්පුර්ණ වූ පසු නැවත ශ්රී ලංකාවට පැමිණ ලබා ගත් තාක්ෂණික දැනුම ශ්රී ලංකාවට ලබාදෙන්න ඔයා නීතියෙන් බැඳිලා යන පිරිසකුත් ඉන්නවා.
මොකද ඔයා ලංකාවෙන් යන්න කලින් ගිවිසුමකට එකඟ වෙලා යන නිසා.ඒ වගේම අලුතින් හඳුන්වා දීපු S.S.W.R.P Visa එකට ආපසු යන්න පුළුවන් කියලා ජපානයයේ ආගමන විගමන දෙපාර්තුමේන්තුව කියනවා. SSWRP 1 සහ 2 දැනට තවමත් ලංකාවේ ක්රියාත්මක වෙනවා.
SSWRP සඳහා වු අවම සුදුසුකම් වෙන්නේ JLPT N4 OR JFT සමත් වීම සහ SKILL TEST එක සමත් වීමයි. SKILL TEST CATEGORY 14 න් දැනට ලංකාවේ 3ක් ක්රියාත්මකයි.
- Care Giver
- Food Industry
- Agriculture විදිහට තියනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමා තෝරාගන්න හදන ජපන් ආයතනයේ සෞඛ්ය පරික්ෂය සහ සම්මුඛ පරික්ෂණය.දැනට ආරංචි විදිහට සම්මුඛ පරික්ෂණය ජපන් භාෂාව ඉතාම තදින් පරික්ෂා කරන බවයි.දැනට ඉදිරිපත් වන ප්රමාණවලින් 1% තෝරාගන්නා බවයි.මේ හැම වීසා එකක් ගැන අපි දවසක වෙන වෙනම ඉගෙනුම. ස්තුතියි. වැඩි විස්තර සඳහා 0719822000/ 0774335540 වීසා උපදේශක දේශබන්ධු අකලංක සුබසිංහ





